Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th February 2016 21:43:02 Hours

613 බලසේනාව සිය 5 වන සංවත්සරය සමරයි

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 613 බලසේනාව එම බලසේනාධිපති කර්නල් එම්.ඩබ්.ඒ.ඒ. විජේසූරියගේ මඟපෙන්විම මත පසුගිය සෙනසුරාදා (06) දින විශේෂ ආගමික වතාවත් ද ඇතුළු වැඩසටහන් මාලාවක් සමඟින් සිය 5 වන සංවත්සරය සමරන ලදි. මෙම සංවත්සර වැඩසටහන බලසේනා මුලස්ථානයේ පැවති විශේෂ බෝධි පූජා පිංකමත් සමඟින් ආරම්භ වී බලසේනා ධජයට ආශිර්වාද කිරිම හින්දු කෝවිලේ දී සහ පල්ලියේ දී පිළිවෙලින් ජනවාරි 16,22 සහ 24 දිනයන්හි සිදු කෙරිනි. එමෙන්ම, සංවත්සර දිනයේ දී (06) හමුදා සම්ප්‍ර‍දායානුකූලව 24 වන ගජබා රෙජිමේන්තු සෙබලුන් විසින් බලසේනාධිපති වෙත සම්මාන මුරයක් ද පිරිනමනු ලැබිය. සියලු නිලයින් සඳහා තේ පැන් සංග්‍ර‍හයක් පැවැත්විම සහ පැළයක් රෝපනය කිරීම මෙදින උදෑසන වැඩසටහනට ඇතුලත් විය. පස්වරුවේ සංගීත සැඳැවක් ද පවත්වන ලද අතර, 24 වන ගජබා රෙජිමේන්තුවේ සහ 26 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් බලසේනාවේ කාර්ය මණ්ඩලය හා එක්ව සිය 5 වන සංවත්සරය සමරන ලදි.Running sports | 『アディダス』に分類された記事一覧