14th March 2024 16:14:02 Hours
උඩවලව ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපළේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙක් සහ සෙසුනිලයන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 2024 මාර්තු මස 12 දින ඇඹිලිපිටිය, වවුල්පනේ රක්‍ෂිතයේ හටගත් ලැව්ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීමට කටයුතු කළහ.
රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 611 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.ඩී.එල්.එස්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.