27th March 2025 15:00:36 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ මඟපෙන්වීම යටතේ සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය යටතේ, අම්බලන්ගොඩ මාදම්ප River and Rivers Edge හෝටල් පරිශ්‍රයේදී ආපදා ප්‍රතිචාර සහ ගලවා ගැනීමේ පුහුණු වැඩසටහනක් 2025 මාර්තු මස 24 දින සිට 26 දක්වා සාර්ථකව පවත්වන ලදී.
මෙම පුහුණු වැඩසටහන සඳහා එම සේනාංකය යටතේ ස්ථාපිත බලඇණිවල භටපිරිස් සහභාගි වූ අතර, එහිදී ඔවුන් හට ආපදා කළමනාකරණය, මූලික ප්‍රථමාධාර, හෘද පුනර්ජීවනය (CPR), කෘත්‍රිම ශ්වසනය, ජල ගලවා ගැනීමේ ශිල්පීය ක්‍රම, බෝට්ටු හැසිරවීම සහ ජිවිත ගලවා ගැනීමේ මෙහෙයුම් වලදී භාවිතා වන ගැට වර්ග පිළිබඳ න්‍යයාත්මක සහ ප්‍රයෝගික දැනුමක් ලබාදෙන ලදී.