Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd June 2024 19:00:45 Hours

61 පාබල සේනාංකයේ ‘Diners’ Club’ වැඩමුළුව සාර්ථකව අවසන්

61 පාබල සේනාංකය වෙතින් 2024 මැයි මස 28 දින බූස්ස, ශ්‍රී ලංකා පාබල හමුදා උත්සව ශාලාවේදී ‘Diners’ Club’ වැඩමුළුවක් පවත්වන ලදී. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් විසින් මෙම වැඩමුළුවේදී ‘වෘත්තීයභාවය සහ බුද්ධිමත්භාවය තුලින් උපායමාර්ගික සංග්‍රාමික නායකත්වය' තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය.

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී ගේ මඟපෙන්වීම මත නිලධාරින්ගේ දැනුම සහ විශ්වාසය ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් මෙම දේශනයේදී හමුදා නායකත්වයේ බුද්ධිමත්භාවය වර්ධනය සමඟ වෘත්තීයභාවය ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 61 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරීන් 77 දෙනෙකු සහභාගී වූහ.