Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th January 2025 11:17:36 Hours

61 පාබල සේනාංකයෙන් දින තුනක ඡායාරූපකරණ වැඩමුළුවක්

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් යටතේ, 2025 ජනවාරි මස 21 දින සිට 23 දින දක්වා එම සේනාංක මූලස්ථානයේදී ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ තෙදින වැඩමුළුවක් පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුවේ අරමුණ වූයේ හමුදා සාමාජිකයන්ගේ කැපී පෙනෙන ක්‍රියාකාරකම් එළිදැක්වීම සඳහා මාධ්‍යයක් ලෙස ඡායාරූපකරණය ප්‍රවර්ධනය කිරීම සහ ඊට සහභාගී වූවන්ගේ නිර්මාණශීලිත්වය, ස්වයං ප්‍රකාශනය සහ කුසලතා සංවර්ධනය වැඩිදියුණු කිරීමයි.

‘රූප චිරක’ සංසදයේ කීර්තිමත් ඡායාරූප ශිල්පීන් වන ප්‍රියන්ත අබේසුන්දර බී.එෆ්ඒ එන්පීඒඑස්, එෆ්එන්පීඒඑස් සහ සුරේෂ් එස්. වීරසිංහ යන මහත්වරුන් විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන සඳහා සෙසුනිලයන් 70 දෙනෙකු සහභාගී වූහ.

වැඩමුළුව අතරතුර, ඡායාරූපකරණයේ මූලික කරුණු, උසස් ශිල්පීය ක්‍රම, ප්‍රායෝගික භාවිතයන් සහ ආලෝකකරණය හා වර්ණ සැකසීමේ ක්‍රම පිළිබඳව සහභාගිවූවන්ට හඳුන්වා දුන් අතර, ප්‍රායෝගික සැසි මඟින් එම පුහුණුකරුවන්ගේ දැනුම යටතේ සහභාගිවූවන් වෙත මෙම සංකල්ප යථා කාලීනව ක්‍රියාත්මක කිරීමට ද හැකියාව ලැබුණි.

වැඩමුළුව අතරතුර ලබාගත් හොඳම ඡායාරූප පහ සඳහා විශේෂ සහතිකපත් ප්‍රදානය කරන ලද අතර, අනෙකුත් සියලුම සහභාගිවූවන් සඳහාද සහතිකපත් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී වූහ.