07th May 2024 19:00:21 Hours
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත අනුරාධ කොතලාවල මහතාගේ අනුග්‍රහකත්වයෙන් හා 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් කිතුළුතුව, මොරවැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකර දුන් නව නිවස අප්‍රේල් මස 09 දින එම ප්‍රතිලාභී පවුල වෙත පවරා දෙන ලදී.
223 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිළධාරීතුමන්ගේ අධික්ෂණය යටතේ 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් හි තාක්ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වයෙන් නව නිවස ඉදිකරනු ලැබීය.
22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් පැවති උත්සව අවස්ථාව අතරතුරදී නව නිවසේ යතුරු ප්‍රථිලාභී පවුල වෙත සංකේතාත්මකව භාර දෙන ලදී.
නව නිවස ප්‍රථිලාභී පවුල වෙත ලබාදීමේ උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ.