Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th February 2024 11:35:51 Hours

6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය මඟින් ඒකක සම්මන්ත්‍රණයක් සහ ‘Diners’ Club’ වැඩමුළුවක් පවත්වයි

6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් ‘The National Security and Operational Readiness of the Current Armoured Fleet of Sri Lanka Armoured Corps, and the Employment of Armour in Counter-Insurgency Scenarios’ යන තේමාව යටතේ පසුගිය සිකුරාදා (ජනවාරි මස 26) දින සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති කේ.එම්.පී.එස්.බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

සම්මන්ත්‍රණයේදී ‘The National Security and Operational Readiness of the Current Armoured Fleet of Sri Lanka Armoured Corps’ හා ‘Employment of Armour in Counter-Insurgency Scenarios’තේමාවන් යටතේ දේශනයන් පැවැත්වීය.

එදින සන්ධ්‍යාවේ Diners’ Club වැඩමුළුවක් පවත්වන ලද අතර, එහිදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්.බී.බී.එන් හේරත් ආර්එස්පී විසින් ‘The Spirit of Leadership through a Third Lens’ යන තේමාව යටතේ දේශණයක් සිදුකරන ලදී.

වැඩසටහන සඳහා 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.