25th January 2023 21:48:26 Hours
කඩවත පිහිටි යෝර්ක් ජාත්‍යන්තර පාසල වෙතින් එම පාසල් පරිශ්‍රයේදී පසුගිය ඉරිදා (22) දින ක්‍රියාත්මක කරනු ලැබූ ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කළහ.
පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව, ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් හා 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බන්දුල කාරියවසම් හා 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒ.එච්.එම්.ටී. ගුණරත්න ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ සෙසුනිලයන් 28 දෙනෙකු මෙම වැඩසටහන සඳහා එක්ව සිය රුධිරය පරිත්‍යාග කළහ.