Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2019 05:53:33 Hours

593 වන බලසේනාවේ නව බලසේනාධිපති සිය ධුරයේ රාජකාරී අරඹයි

නයාරු ප්‍රදේශයේ පිහිටි 593 වන බලසේනාවේ 12 වන බලසේනාධිපති ලෙස ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් වසන්ත පාලම්කුඹුර ඉකුත් බදාදා (4) දින සිය ධුරයේ රාජකාරී අරම්භ කරන ලදී.

බලසේනා මූලස්ථානයට සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී 5 වන (ස්වේච්ඡා) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

නව බලසේනාධිපතිතුමන් එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි බුදු මැදුර සහ අෂ්ඨඵල බෝධි ප්‍රාකාරය අභියස මල් පහන් පූජා කිරිමෙන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මත නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදි.

ඉන් අනතුරුව සියළු භටපිරිස් ඇමතු නව බලසේනාධිපතිතුමන් එම කඳවුරු පරිශ්‍රය තුළ මතකයේ සංඛේතයක් ලෙස පැළයක් ද රෝපනය කළේය. පසුව දවසේ වැඩසටහන නිමාවට පත් කරමින් සියළු නිල තේ පැන් සංග්‍රහයකට ද එතුමන් එක්විය.

මෙම අවස්ථාව සඳහා 19 වන ගැමුණු හේවා බල ඇණියේ අණදෙන නිලධාරී සහ 5 වන (ස්වේච්ඡා) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් ඇතුළු එම බලසේනාවේ කාර්යය මණ්ඩලයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී විය. Sneakers Store | adidas Yeezy Boost 700 , Ietp