17th June 2023 20:58:19 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 පාබල සේනාංකයට අයත් 591 පාබල බලසේනාවේ භටපිරිස් මුලතිව්, වට්ටප්පලෙයි කන්නකි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය මැයි 28 දින පැවැත්වීය.
12 ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 10 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම ඒකකයන්හි අණදෙන නිලධාරීන්ගේ සහ 591 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත එම පිරිසිදු කිරීමේ වැඩසටහන සිදු කරන ලදී.