Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2015 17:05:20 Hours

591 බල සේනාවට වසර 8 ක් සපිරෙයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 591 බල සේනාව තම බල සේනාධිපති කර්නල් ඩබ්.එස්.බී නායකරත්නගේ ප්‍රධානත්වයෙන් සිය 8 වන සංවත්සරය මහත් ඉහළින් සමරනු ලැබීය. 23 වන ශ්‍රී ලංකා පාබල හමුදා සෙබලු බල සේනාධිපති වෙත එම මූලස්ථානයේ දී සම්මාන මුරයක් ද පිරිනැමීය. අනතුරුව සියලු නිලයින් ඇමතීමට ද බල සේනාධිපතිතුමා ක්‍රියා කළ අතර, සියලු නිලයින් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විනි. දිවි පිදූ රණවිරුවන්ට පිං පැමිණවීමත්, ආබාධිතව සිටින රණවිරුවන්ට සහ අනෙකුත් විරුවන්ට සෙත් පැතීමත් වෙනුවෙන් ධර්ම දේශනාවක් සහ බෝධි පූජා පිංකමක් සංවත්සර වැඩසටහන්වලට සමගාමිව පැවැත්විනි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. Nike footwear | Nike