Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2025 08:23:40 Hours

59 පාබල සේනාංකය වෙතින් දන්සලක් සහ වෛද්‍ය කඳවුරක් පවත්වයි

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් විසින් වට්ටප්පලේ කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව 2025 ජුනි මස 09 දින සීනි සම්බල් බනිස් සහ කොත්තමල්ලි දන්සලක් පවත්වන ලදී.

මේ අතර, 2025 ජුනි මස 06 සිට 10 දින දක්වා කෝවිල් උත්සවය පැවති දිනයන් හිදී එම සේනාංකය වෙතින් වෛද්‍ය කඳවුරක් පවත්වමින් එම කෝවිල් උත්සවය සඳහා සහභාගි වූ වන්දනාකරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් සපයන ලදී.