Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2025 10:58:07 Hours

59 පාබල සේනාංකය වෙතින් අංගම්පොර පුහුණු වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය මත 593 පාබල බලසේනාව වෙතින් 6 බලඇණිය ගැමුණු හේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේදී අංගම්පොර පුහුණු වැඩසටහනක් 2025 ජනවාරි මස 20 දින සිට 2025 පෙබරවාරි මස 02 දින දක්වා යුද්ධ හමුදා සාමාජිකයන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබයි.

යුද්ධ හමුදා අංගම්පොර කණ්ඩායමේ දක්‍ෂ උපදේශකයන් 15 දෙනෙකුගේ මූලිකත්වයෙන් පවත්වනු ලබන මෙම පුහුණු වැඩසටහනේදී එම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ශාරීරික හා මානසික දරාගැනීමේ හැකියාව, සටන් ශිල්පීය ක්‍රම සහ විනය වැඩිදියුණු කිරීම සඳහා වූ මනා පුහුණුවක් ලබාදෙනු ඇත.