Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2024 13:55:55 Hours

59 පාබල සේනාංකයේ 17 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ 17 වන සංවත්සරය දිනය 2024 දෙසැම්බර් මස 01 දින සේනාංක මූලස්ථානයේදී සමරන ලදී.

සංවත්සර දිනයේ කටයුතු ආරම්භ කරමින් 2024 නොවැම්බර් මස 29 දින බෝධි පූජා පිංකමක් පැවැත්වීය. සංවත්සර දිනයේදී, සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රධායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. අනතුරුව, සේනාංකාධිපතිතුමන් විසින් සිවිල් කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් වෙත වියළි සලාක ඇසුරුම් සහිත පාර්සල් බෙදාදී සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී විය.

59 පාබල සේනාංක ක්‍රීඩා පිටියේදී 2024 දෙසැම්බර් මස 6 දින පැවති සංගීත වැඩසටහනකින් උත්සවයේ වැඩකටයුතු අවසන් විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.