Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st February 2025 12:46:02 Hours

59 පාබල සේනාංකයේදී පුහුණු වැඩමුළුවක් පවත්වයි

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ ජෙට්වින් හෝටල් සීමාසහිත සමාගමේ විධායක කාර්ය මණ්ඩලය විසින් භෝජනාගාර සහයක සහ සුපවේදී පුහුණු වැඩමුළුවක් 2025 ජනවාරි මස 28 දින සිට 30 දින දක්වා 59 පාබල සේනාංකයේදී පවත්වන ලදී.

දින 03 ක් පුරා පැවති මෙම පුහුණු වැඩමුළුව සඳහා 591, 592 සහ 593 පාබල බලසේනාවන් නියෝජනය කරමින් නිලධාරින් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 85 දෙනෙකු සහභාගි වූහ.

අදාළ රාජකාරීන් වල නියැලී සිටින යුද්ධ හමුදා සාමාජිකයන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීම සහ නඟා සිටුවීම මෙම පුහුණු වැඩමුළුවේ අරමුණ විය.

59 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.එච්.එන්.පී. හැන්නදිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, තවද, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ජෙට්වින් හෝටල් සීමාසහිත සමාගමේ විධායක කාර්ය මණ්ඩලයද එක්විය.