Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2024 20:16:37 Hours

583 බලසේනාවේ භටපිරිස් සදහා ‘අන්තර්ජාල ඔට්ටු ඇල්ලීම් සහ මුල්‍යමය වංචා’ පිළිබඳ දේශනයක්

583 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.එච්.ජේ.ඩී සමරසේකර ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත ‘අන්තර්ජාල ඔට්ටු ඇල්ලීම් සහ මුල්‍යමය වංචා’ පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් 583 පාබල බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් සඳහා පසුගිය ඉරිදා (ජනවාරි මස 21) දින එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

කපිතන් පී.එ්.පී.එස්. චන්ද්‍රරත්න විසින් මෙම දැනුවත් කිරීමේ දේශනය පවත්වන ලද අතර, ඒ සඳහා 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 6 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 16 දෙනෙකු සහ සෙසු නිලයින් 380 දෙනෙකු සහභාගී වූහ.