02nd May 2023 19:22:22 Hours
58 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 582 වන පාබල බලසේනාවේ භටපිරිස් හි ශ්‍රම දායකත්වයෙන් මතුගම, වෑත්තෑව ග්‍රාමසේවා වසමේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන කාන්තාවකගේ නිවසක අබලන්ව තිබූ වහලය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද අතර, ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මතුගම ප්‍රාදේශීය සභාව විසින් සපයන ලදී.
ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී මහතා සහ ප්‍රතිලාභි කාන්තාව විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ලබාදුන් උපදෙස් මත 582 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා භටපිරිස් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.
9 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අයි.එම්.එස්.එස්.කේ ඉලංගකෝන් ගේ අධික්‍ෂණය යටතේ එම ඒකකයේ සහ 582 වන පාබල බලසේනාවේ භටපිරිස් එක්ව පසුගිය අප්‍රේල් මස 20 – 30 යන දිනයන් අතරතුර අලුත්වැඩියා කටයුතු සම්පූර්ණයෙන්ම සිදු කරනු ලැබීය.