06th March 2023 09:16:47 Hours
1 වන බලකාය යටතේ ස්ථාපිත 58 වන පාබල සේනාංකයේ 582 වන පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් උඩුව ද්විතීයික පාසලේ ඉගෙනුම ලබන පාසල් සිසු සිසුවියන් 124 දෙනෙකුගේ වෙනුවෙන් රුපියල් 350,000.00 වටිනාකමකින් යුත් අන්වීක්‍ෂයක් සහ පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එම පාසල් පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (04) දින පවත්වනු ලැබීය.
එම පාසල් දරුවන්ගේ පවුල් වල ආර්ථික දුෂ්කරතාවයන් දානපතීන්ගේ අවධානයට යොමු කිරීමෙන් පසු ශෂිකලා ගුණරත්න මෙනවියගේ සම්බන්ධීකරණයෙන් කණිෂ්කා පීල්ලවත්තගේ මහත්මිය සහ ඇයගේ හිතවතුන් විසින් මේ සඳහා අවශ්‍ය මුල්‍යමය ප්‍රදානයන් ලබාදීම සිදුකරන ලදී. 582 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ මෙම උත්සව අවස්ථාව සඳහා දානපතීන්ගේ නියෝජිතයින්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, පාසල් විදුහල්පතිවරුන්, සිසු සිසුවියන් සහ පාසල් කාර්යය මණ්ඩලය සහභාගි වූහ. 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සහ 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ විසින් ලබාදුන් උපදෙස් මත මෙම සමාජ සත්කාරක වැඩ සටහන සිදුකරනු ලැබීය.