04th April 2020 19:40:17 Hours
ඇඳිරි නීතිය හේතුවෙන් කලාඔය ප්‍රදේශයේ පිහිටි ‘ලුර්දු මාතා වැඩිහිටි නිවාසයේ’ පාලකයින් එම නිවාසයේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට අපහසුව සිටි අවස්ථාවක පුත්තලම ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංකය විසින් ඉකුත් සිකුරාදා (03) දින එහි නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවශ්‍ය වියලි සලාක සහ දිවා ආහාර පාර්සල් පරිත්‍යාග කරනු ලැබූහ.
58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ඇතුළු එම සේනාංකයේ සියළු නිලයින් එක්ව ආහාර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර සපයනු ලැබුවෝය.
‘ලුර්දු මාතා වැඩිහිටි නිවාසයේ’ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 22 දෙනෙකු නේවාසිකව සිටිති. latest jordans | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4