07th August 2023 21:07:04 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 57 පාබල සේනාංකයට අයත් 573 පාබල බලසේනාවේ භටපිරිස් විසින් මාන්කුලම් මහා විද්‍යාලයේ සහ ෂන්මුගරත්නම් ප්‍රාථමික විද්‍යාලයේ පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ජූලි මස 25) දින මාන්කුලම් මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීය.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහභාගී විය.
573 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ඩී.ඩී.එස්.ආර්.එම් දුනුසිංහ ගේ සම්බන්ධීකරණයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමන්, කොළඹ රාජකීය විද්‍යාලයේ ‘EDEX’ හි අධ්‍යක්‍ෂ මහින්ද ගලගෙදර, කොළඹ රාජකීය විද්‍යාලයේ ‘නැනපහන’ වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ රසික ගලප්පත්ති, කොළඹ රාජකීය විද්‍යාලයේ පුස්තකාල හා පාඨක සංගමයේ සභාපති, කොළඹ රාජකීය විද්‍යාලයේ දෙමළ සාහිත්‍ය සංගමයේ සභාපති සහ ශිෂ්‍ය සම්බන්ධීකාරක තරිඳු වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් 500 කට අධික පොත් ප්‍රමාණයක් පරිත්‍යාග කරනු ලැබූහ.
573 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ඩබ්ලිව්.ආර්. ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් පාසල් ළමුන් අත්විඳින දුෂ්කරතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදෙන ලදී. උත්සව අවස්ථාව සඳහා පරිත්‍යාගශීලී නියෝජිතයන්, 573 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.