Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2020 10:35:06 Hours

572 බලසේනාවේ සහ 571 බලසේනාවේ භටපිරිස් ප්‍රජා ව්‍යාපෘතිවල නිරතවෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 572 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (11) දින විශ්වමඩු බටහිර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ සාමාන්‍ය ප්‍රදේශවල ඩෙංගු මර්ධනය කිරීමේ ව්‍යාපාරයක් දියත් කළහ.

මෙම ඩෙංගු මර්ධන ව්‍යාපාරය අතරතුරදී, මදුරුවන් බෝවන ස්ථාන, පඳුරු සහිත ප්‍රදේශ සහ ජලය රැදි ඇති ස්ථාන විනාශකර දැමීමට 573 බලසේනාවේ, 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසුනිලයින් 50 දෙනෙකු ක්‍රියාකාරීව සිය දායකත්වය දැක්වූහ. ඒ සමඟම වටපිටාව පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම පිළිබඳව සිවිල් වැසියන් දැනුවත් කළහ.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා භටපිරිස් සමඟ විශ්වමඩු මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, ග්‍රාම නිලධාරීන් සහ ධර්මපුරම් පොලිසියේ පොලිස් නිලධාරීන් එක්ව සිටියහ.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා මෙම වැඩසටහන පැවැත්වීම සඳහා උපදෙස් ලබා දී ඇත.

මීට අමතරව, කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 571 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු භටපිරිස් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් කරන ලද ඉල්ලීමට අනුව එම විද්‍යාලයේ ආරක්‍ෂිත වැට අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකරන ලදී.

මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය විද්‍යාලය විසින්ම සපයනු ලැබූ අතර අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුකරයි. jordan release date | Air Jordan