Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2019 20:42:21 Hours

571 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරී අරඹයි

කිලිනොච්චි පිහිටි 571 වන බලසේනාවේ 9 වන බලසේනාධිපති ලෙස කර්නල් ඩි.කේ.එස්.කේ දොලගේ ඉකුත් බදාදා (4) දින එම බලසේනා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී.

බලසේනා මූලස්ථානයට සපැමිණි නව බලසේනාධිතිතුමන් වෙත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

බලසේනාවේ භටපිරිස් ඇමතූ නව බලසේනාධිපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් ද රෝපණය කළ අතර අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.

මෙම අවස්ථාව සඳහා 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් මෙන්ම බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වූහ. url clone | New Releases Nike