Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2016 02:40:01 Hours

57 සේනාංකයට නව සේනාංකාධිපතිවරයෙක්

බ්‍රිගේඩියර් ඩබ්.ඒ.වී.ඒ සුදසිංහ 57 වන සේනාංකයේ නව සේනාංකාධිපතිවරයා ලෙස බ්‍ර‍හස්පතින්දා (14) දින රාජකාරි භාරගනු ලැබීය. එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී හෙතෙම වෙත සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය. පසුව ආගමික ආශිර්වාද මධ්‍යයේ අදාල ලිපිලේඛණවලට අත්සන් යොදමින් බ්‍රිගේඩියර් සුදසිංහ සිය රාජකාරි නිල වශයෙන් භාර ගත්තේය. එම අවස්ථාව සිහිපත්වීම පිණිස පැළයක් රෝපණය කිරීමට ද මෙහි දී ක්‍රියා කරනු ලැබීය. 57 වන සේනාංකයට අයත් 571, 572, 573 සහ 574 බල සේනාවන්හි බල සේනාධිපතිවරු, අණදෙන නිලධාරින් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.Sport media | Nike