Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th December 2024 13:37:54 Hours

561 පාබල බලසේනාවේ 15 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

561 පාබල බලසේනාවේ අභිමානවත් 15 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඩී. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස 07 දින සැමරුම් උත්සව මාලාවක් පැවැත්වීය.

එම බලසේනාවේ අඛණ්ඩ සාර්ථකත්වය සහ කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම අරමුණු කරගනිමින් ආශිර්වාද පතා සංවත්සර දිනයට සමගාමීව බෝධි පූජාමය වැඩසටහනකින් සැමරුම් උත්සවය ආරම්භ කෙරිණි.

සංවත්සර දිනයේදී, බලසේනා මූලස්ථානය වෙත සපැමිණි බලසේනාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් එම බලසේනාවේ විශිෂ්ඨ ජයග්‍රහණ ඇගයීමට ලක්කළේය. එමෙන්ම, සියලු භටපිරිස්හි කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළ බලසේනාධිපතිතුමන් අනාගතයේදී තවදුරටත් ජයග්‍රහණ ලබාගැනීම වෙනුවෙන් කටයුතු කිරීමටත්, බලසේනාවේ වටිනාකම් ආරක්‍ෂා කිරීමටත් අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.

සැමරුම් උත්සවය අතරතුරදී, බලසේනා කාර්ය මණ්ඩලය අතර පවතින එකමුතුකම තවදුරටත් ප්‍රවර්ධනය කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි.

සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සංගීත සංදර්ශනයක් පැවැත්වූ අතර මීට සමගාමීව වොලිබෝල් සහ ක්‍රිකට් තරඟාවලියන් ද පැවැත්විණි.