Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

56 වන සේනාංකයේ සංවත්සරයට සමගාමීව ක්‍රීඩා තරඟාවලියක්

56 වන සේනාංකයේ 23 වන සංවත්සරයට සමගාමීව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වසන්ත ද ආබෲ ලබාදුන් උපදෙස් මත සේනාංක, බලසේනා සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් නියෝජනය කරමින් කණ්ඩායම්හී සහභාගිත්වයෙන් පාපන්දු, ක්‍රිකට් සහ වොලිබෝල් තරඟාවලින් පැවැත්වු අතර එම තරඟාවලියන් හී අවසන් මහා තරඟ 2020 සැප්තැම්බර් මස 25 දින කොක්එළිය පිහිටි 56 වන සේනාංක මුලස්ථාන ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

මෙම තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා 56 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් සිය දායකත්වය ලබාදුන් අතර අවසන් මහා තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වසන්ත ද ආබෲ සහභාගී විය.

සෑම තරඟයකම කණ්ඩායම් ශූරයන් සහ අනුශූරයන් පිළිවෙලින් පහතින් දක්වා ඇති අතර එම ජයග්‍රහකයින් 56 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් හා බලසේනාධිපතිවරුන් විසින් සුරතින් කුසලාන හා තිළිණ ප්‍රදානය කරන ලදී.

වොලිබෝල් තරඟාවලිය

ශූරතාවය - 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව (562 වන බලසේනාව)

අනුශූරතාවය - 17 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව (561 වන බලසේනාව)

ක්‍රිකට් තරඟාවලිය

ශූරතාවය - 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව (562 වන බලසේනාව)

අනුශූරතාවය - 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව (561 වන බලසේනාව)

පා පන්දු තරඟාවලිය

ශූරතාවය - 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව (563 වන බලසේනාව)

අනුශූරතාවය - 562 වන බලසේනා මූලස්ථානය latest Nike Sneakers | Nike for Men