Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th May 2020 13:20:59 Hours

56 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය රාජකාරී කටයුතු අරඹයි

වවුනියාව, කොකිලිය ප්‍රදේශයේ ස්ථාපිත 56 වන සේනාංක මුලස්ථානයේ 21 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් නිහාල් අමරසේකර ඉකුත් සිකුරාදා (29) දින මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.

නව සේනාංකාධිපතිතුමන් සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරී කටයුතු භාරගනු ලැබීය. අභිනවයෙන් පත්වූ සේනාංකාධිපතිතුමන්ට සුබපැතුම් එක් කිරීම සඳහා 561, 562 හා 563 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 56 වන සේනාංක මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, 56 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්වූහ. affiliate link trace | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth