03rd May 2024 13:01:59 Hours
පුනරුත්ථාපනය සඳහා සහයවීමේ සහ නැවත පදිංචි කිරීමේ සංවිධානයේ නියෝජ්‍ය ලේකම් ආචාර්ය වේලායුදම් සර්වේෂ්වරන් ගේ අනුග්‍රාහකත්වය මත 56 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 අප්‍රේල් මස 28 දින කනගරායන්කුලම් ප්‍රදේශයේදී අක්ෂි සායනයක් පවත්වන ලදී.
මෙම සායනය අතරතුරදී, අක්ෂි දුර්වලතා සහිත පුද්ගලයින් 303 දෙනෙකු පරික්ෂාකර ශල්‍යකර්ම සිදුකිරීමේ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයින් හඳුනාගත් අතර, ඇස් කණ්ණාඩි අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත ඇස් කණ්ණාඩි බෙදාදීම ද සිදුකරන ලදී. 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 561 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට 56 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.වී. ප්‍රනාන්දු යූඑස්පී එන්ඩීසී අයිජී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍ය විදූෂාන් මහතා සහ ‘Ananthi Eye Care‘ ආයතනයේ කාර්යය මණ්ඩල සාමාජිකයන් ද සහභාගී වූහ.