Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2024 16:42:51 Hours

56 පාබල සේනාංකය මුලිකත්වයෙන් රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක්

වවුනියාව මහ රෝහලේ රුධිර බැංකුවේ හදිසි රුධිර අවශ්‍යතා සපුරාලීමේ අරමුණු කරගණිමින් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 56 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2024 මැයි මස 02 දින එම සේනාංකයේදී රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් පැවැත් වූහ.

වවුනියාව මහ රෝහලේ සෞඛ්‍ය සේවා කටයුතු සඳහා සහය දැක්වීමේ අරමුණින් යුද්ධ හමුදා සාමාජිකයින් 154ක් රුධිරය පරිත්‍යාග කිරීමට එක් වූහ. 56 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.