29th July 2024 17:21:18 Hours
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 56 පාබල සේනාංකයේ සහ 562 පාබල බලසේනාවේ භට පිරිස් විසින් 2024 ජුලි මස 24 දින කොක්එලිය පේයාඩිකුලම් වැවේදී දී ඔරු පැදීමේ තරඟයක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් සහභාගී වූයේය.
ඔරු පැදීමේ තරඟයට සහභාගිවූ ක්‍රීඩකයන් තනි, ද්විත්ව සහ ත්‍රිත්ව ඉසව් ලෙස ඛාණ්ඩ තුනකින් තරඟ වැදුණහ.
එම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් තරඟාවලියේ ජයග්‍රාහකයන්වෙත කුසලාන සහ දිරි දීමනා ප්‍රදානය කරන ලදී
මෙම තරඟාවලිය සාර්ථකකරගැනීම සඳහා ‘රඹවැට්ටි නන්නීර්’ ග්‍රාමීය ධීවර සමිතිය විසින් බෝට්ටු සහ හබල් ලබාදෙමින් සහයෝගය දක්වනලදී.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ.