08th October 2023 21:27:19 Hours
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ උපදෙස් මත එම සේනාංකය යටතේ රාජකාරියෙහි නියුතු නිලධාරීන් වෙනුවෙන් කනගරායන්කුලම්, පලිනගර් ප්‍රදේශයේ පිහිටි 10 ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රයේදී පසුගිය බදාදා (සැප්තැම්බර් මස 27) දින දැනුම සහ සන්නිවේදන කුසලතා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
561 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ජී. බණ්ඩාරනායක යූඑස්පී පීඑස්සී ගේ අධීක්ෂණය යටතේ 561 පාබල බලසේනාව සහ එම බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන් වෙතින් ‘Sustainable Future of Sri Lanka: Will it be Possible Against the Dominance of Geo Politics, Geo Strategy, and Geo Economy in India’ මාතෘකාව ඔස්සේ මෙම වැඩමුළුව පැවැත්වීය.
10 ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන අණදෙන නිලධාරිතුමන්ගේ මෙහෙයවීම මත එම ඒකකයේ නිලධාරින් හා 561 පාබල බලසේනාවේ නිලධාරින් විසින් ඉදිරිපත් කිරීමේ වැඩසටහන සිදුකරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී, 562 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.එස්.ජේ. තෙන්නකෝන් ආර්එස්පී, 561 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ජී. බණ්ඩාරනායක යූඑස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.
වැඩසටහන සමාප්තියේදී ප්‍රශ්ණෝත්තර සැසියක් පැවැත්වූ අතර එහිදී සහභාගී වූවන් සතුව පැවති ගැටළු නිරාකරණය කරගැනීමට ද අවස්ථාව හිමිවිය. ඉදිරිපත් කිරීම සමාප්තියේ 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් මාතෘකාව පිළිබඳව එතුමන්ගේ අදහස් ඉදිරිපත් කරමින් එම නිලධාරින් ඇගයීමට ලක්කළේය.