05th December 2024 19:52:48 Hours
56 පාබල සේනාංක මූලස්ථානයේ 30 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.එන්.ඩී. කරුණාපාල ආර්එස්පී එන්ඩීයූ 2024 දෙසැම්බර් මස 02 දින එම සේනාංක මුලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදි.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් කේ.එන්.ඩී. කරුණාපාල ආර්එස්පී එන්ඩීයූ වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකරනු ලැබූහ.
ඉන් අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් කේ.එන්.ඩී. කරුණාපාල ආර්එස්පී එන්ඩීයූ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට ද එතුමන් පෙනී සිටියේය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන් සතු දැක්ම පිළිබඳ පැහැදිළි කළේය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.