06th February 2023 20:11:42 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනාවේ භටපිරිස් විසින් පරිත්‍යාගශීලීන් දෙදෙනෙකුගේ අනුග්‍රාහකත්වය මත මුහාවිල් ප්‍රදේශයේ විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය සිකුරාදා (3) දින ජාතික නිදහස් දිනයට සමගාමීව විවෘත කරන ලදී.
552 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජයනාත් ජයවීර ගේ ඉල්ලීමකට අනුව ‘රීකා ඕර්ගනික් ෆාම්’ (ReeCha Organic Farm) පුද්ගලික සමාගමේ හිමිකරු වන කේ. බාස්කාරන් මහතා සහ ‘සීබීඑල් සමූහ ව්‍යාපාරයේ’ (CBL Group) සාමාන්‍යාධිකාරී එස්.ජී.එස්. ආරියසිංහ මහතා එ්කාබද්ධව මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලබාදුන් රු. 700,000/= ක මූල්‍ය පරිත්‍යාගය මත 552 වන බලසේනාව යටතේ ස්ථාපිත 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.
නව නිවස විවෘත කිරීමේ උත්සවයේදී, ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් නිවාසලාභී එස්. සුඩාන් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත නව නිවසේ යතුරු ප්රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න, 552 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජයනාත් ජයවීර, 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඒ.සී.ආර්. තිලකරත්න, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගී වූහ.