Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd May 2024 18:14:43 Hours

552 පාබල බලසේනාව වෙතින් අයිස්ක්‍රීම් දන්සැලක් පවත්වයි

552 පාබල බලසේනාව වෙතින් 2024 මැයි මස 23 දින එම බලසේනා බලප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සැලක් පවත්වමින් අයිස්ක්‍රීම් 3,000 ක ප්‍රමාණයක් බෙදාදෙනු ලැබීය.

එමෙන්ම, භටපිරිස් වෙත ආශිර්වාද එක්කිරීමේ අරමුණින් උදෑසන බෝධි පූජා පිංකමක් ද පැවැත්විණි. එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීතුමන්ගේ සම්බන්ධීකරණය මත දානපතියන් පිරිසක් මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දැක්වූහ.

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ 552 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.ඩී. වෙලගෙදර යූඑස්පී අයිජී ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.