Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2023 21:10:33 Hours

55 වන පාබල සේනාංකයේ සම්බන්ධීකරණයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංක මූලස්ථානයේ මූලිකත්වයෙන් එම සේනාංකයේ වසර 4 කට වැඩි කාලයක් සේවය කරන ලද ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවස සම්පූර්ණයෙන්ම නිම කිරීම සඳහා එක්සත් ජනපදයේ ජීවත්වන දානපතියෙකු වන විෂ් නඩරාජා මහතා විසින් මූල්‍යමය අනුග්‍රහය ලබාදෙන ලදී.

55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි දානපති විෂ් නඩරාජා මහතා විසින් ලබාදුන් රුපියල් මිලියන 1.3 ක මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 55 වන පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් නිදන කාමර 3 ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක් සහ ආලින්දයක් සහිත නිවසේ වැඩකටයුතු සති කිහිපයක් තුලදී කඩිනමින් නිමකරන ලදී.

55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න සහ නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන් යුද්ධ හමුදා භටපිරිස් විසින් නිවාස ලාභියා සහ ඔහුගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත නව නිවසේ යතුර නිල වශයෙන් භාරදෙනු ලැබීය.