Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd May 2024 18:11:28 Hours

55 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

වෙසක් උත්සවයට සමගාමීව 55 පාබල සේනාංකය සහ කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල ඒකාබද්ධව කිලිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ දී 2024 මැයි මස 17 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර බැංකුවේ හිඟවෙමින් පවතින රුධිර සංචිතයන් සපුරාලීමේ අරමුණින් 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය අවශ්‍යතාවයන්ට සහයවීම සඳහා සිවිල් වැසියන් සහ භටපිරිස් රැසක් මෙම වැඩසටහනේදී සිය රුධිරය පරිත්‍යාග කළහ. මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයන් සහ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.