Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th July 2023 21:52:55 Hours

55 පාබල සේනාංකයෙන් නෙල්ලිඅඩි ප්‍රදේශයේ පවුලකට තවත් නිවසක්

යාපනය අර්ධද්වීපයේ සිවිල් වැසියන්ගේ ආරක්‍ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් කැපවී සිටින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති යටතේ පූජ්‍ය එම්.එස්. චින්නයියා සහ තබිතා චින්නයියා පියතුමා ඔවුන්ගේ පියා වන ජෝයි අරුල්රාජා මහතා සිහිපත් කිරීම සඳහා ‘වන්නි ඒඩ්ස්’ සංවිධානය සහ කැනඩාවේ පදිංචි මේජර් ජෙනරල් ආර්. රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් නෙල්ලිඅඩි ප්‍රදේශයේ තවත් නව නිවසක් ඉදිකිරීම සඳහා අනුග්‍රහකත්වය ලබාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ සහ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.කේ.ආර් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිපී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ, ආරක්‍ෂක සේනා මූලස්ථානයේ - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය බදාදා (ජූලි 05) දින නෙල්ලියඩි ප්‍රදේශයේ පදිංචි විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගවෙන පවුලක් සඳහා නව නිවසක් ඉදිකරදීම වෙනුවෙන් මුල්ගල් තබන ලදී. දරුවන් 03 දෙනෙකු සමඟ ස්ථිර නිවසක් නොමැතිව ජීවත් වූ නල්ලයියා සුදර්ශනී මහත්මියගේ දුක්ඛිත තත්ත්වය නිරීක්ෂණය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති දැනුවත් කළහ. පසුව 55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සම්බන්ධීකරණයෙන් කැනඩාවේ පදිංචි මේජර් ජෙනරල් ආර්. රත්නසිංහම් (විශ්‍රාමික) සහ ‘වන්නි ඒඩ්ස්’ නව නිවස ඉදිකිරීම සඳහා අනුග්‍රහකත්වය ලබාදෙන ලදී.

4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික දැනුම ලබාදෙන ලදී. 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති, පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් අල්වායිපිල්ලේ සිරි මහතා සමඟ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූහ. තවද එම අවස්ථාව සඳහා පේදුරුතුඩුව, සහකාර පොලිස් අධිකාරී, 551 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, ‘වන්නි ඒඩ්ස්’ හි (කැනඩාව) නියෝජිත එන් ජෙගනාදන්, රාජ්‍ය නිලධාරීන්, අනෙකුත් ආරාධිතයින්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් පිරිසක් සහභාගී වූහ.