29th August 2024 17:54:33 Hours
කිලිනොච්චිය කන්දස්වාමි කෝවිලේ පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් 55 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භට පිරිස් විසින් 2024 ජූලි මස 08 දින පවත්වන ලදී.
වසර 12කට වරක් පවත්වනු ලබන සුවිශේෂී ආගමික උත්සවයක් වන ‘කුම්බාභිෂකම් උත්සවය 2024’ පැවැත් වීම වෙනුවෙන් කෝවිලේ ප්‍රධාන කුරුක්කල්ගේ ඉල්ලීම පරිදි කෝවිල සූදානම් කිරීම අරමුණින් මෙම වැඩසටහන දියත් කරන ලදී. පූජෝත්සවය වෙනුවෙන් භට පිරිස් සහය දැක්වීම වෙනුවෙන් එම කෝවිලේ ප්‍රධාන කුරුක්කල් විසින් සිය කෘතඥතාව පළකරමින් 55 පාබල සේනාංකය වෙත ලිපියක්ද යොමුකොට තිබිණි.