Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2023 21:35:25 Hours

55 වන පාබල සේනාංක භටපිරිස් සංවිධානයෙන් ඡායාරූපකරණය පිළිබඳ පුහුණු වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංක භටපිරිස් සංවිධානයෙන් පෙබරවාරි මස 09 සහ 10 යන දෙදින තුල එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51, 52, 55 වන පාබල සේනාංකයන්හි රාජකාරියෙහි නියුතු නිලධාරීන් 04 දෙනෙකු සහ සෙසු නිලයින් 31 දෙනෙකු වෙත ඡායාරූප කරණය පිළිබඳව දැනුවත් කිරීමේ දෙදින පුහුණු වැඩමුළුවක් පවත්වනු ලැබීය.

55 වන පාබල සේනාංකයේ භටපිරිස් හි ඉල්ලීමකට අනුව සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙකු වන නිත්‍ය සිල්වා මහතා විසින් මෙම දෙදින පුහුණු වැඩමුළුව පවත්වන ලද අතර, එහිදී, යුද්ධ හමුදා භටපිරිස් වෙත උසස් තත්ත්වයේ ඡායාරූප ගැනීම, නිර්මාණය කිරීම සහ රාමු කිරීම පිළිබඳව දැනුවත් කරන ලදී. පුහුණු වැඩමුළුවෙන් පසුව ඒ සඳහා සහභාගී වූ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ඡායාරූපකරණය පිළිබඳ හැකියාවන් ද පරීක්‍ෂාවට ලක්කරන ලදී.

55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ සංකල්පයකට අනුව මෙම වැඩමුළුව ආරම්භකරනු ලැබු අතර, ලුතිනන් එල්.ඩී.අයි ලියනආරච්චි විසින් වැඩමුළුවේ උපදේශකවරයා සමග එක්ව පුහුණු වැඩමුළුව සම්බන්ධීකරණය කරන ලදී.

පුහුණු වැඩමුළුව අවසානයේ මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න විසින් නිත්‍ය සිල්වා මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිරිනමන ලදී.