Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd December 2024 12:30:43 Hours

55 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 55 පාබල සේනාංකයේ අභිමානවත් 28 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 20 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී සැමරුම් උත්සවයක් පැවැත්වීය.

සංවත්සර දින සැමරුම සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 19 දින සේනාංක මූලස්ථානය වෙත සපැමිණි 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී වෙත 6 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ. පසුව, 55 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් ආමන්ත්‍රණය කළ සේනාංකාධිපතිතුමන් ඉන් අනතුරුව සියළු නිල දිවා භෝජන සංග්‍රහයට සහභාගී විය.

සංවත්සර දින සැමරුමට සමගාමීව, 2024 දෙසැම්බර් මස 18 දින කිලිනොච්චිය ලුම්බිණි විහාරස්ථාන පරිශ්‍රයේදී බෝධි පූජාවක් පවත්වනු ලැබීය. එමෙන්ම, 2024 දෙසැම්බර් මස 21 දින කිලිනොච්චි ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත ළමා නිවාස තුනක නේවාසික ළමුන් වෙනුවෙන් ප්‍රණීත භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි. මෙම අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.