Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2024 22:32:14 Hours

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති 553 පාබල බලසේනාවේ සහ අණ දෙන බලඇණිවල නිල සංචාරයක

නව ධූරයේ රාජකාරී ඇරඹූ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී 553 පාබල බලසේනාව සහ එහි අණදෙන බලඇණි වල 2024 දෙසැම්බර් මස 02 දින නිල සංචාරයක නිරත විය.

සෑම ස්ථානයකටම පැමිණීමෙන් පසු, භට පිරිස් විසින් එතුමන් වෙත කඳවුරු මුරය පසුකර යෑමේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. අනතුරුව, 553 පාබල බලසේනාවේ බලසේනාධිපති, 6 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී සහ 14 බලඇණියේ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී විසින් එතුමන්ව බළසේනාවේ සහා එකකයන්හි රාජකාරීන් පිළිබද දැනුවත් කරන ලදී.

පසුව, එතුමන් 553 පාබල බලසේනාවේ සහ බලඇණිවල සාමාජිකයින් ආමත්‍රණය සිදුකළේය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් එක්ව සිටියහ.