Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2023 22:14:48 Hours

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී අගෝස්තු මස 23 දින පුනරීන් ප්‍රදේශයේ ස්ථාපිත 552 පාබල බලසේනා මූලස්ථානය සහ එ් යටතේ ස්ථාපිත ඒකකයන්හි සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.

මෙම සංචාරයේදී, මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී 552 පාබල බලසේනා මූලස්ථානය, 22 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 2 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව වෙත ගියේය. සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් වෙත 552 පාබල බලසේනා මූලස්ථානය සහ අනෙකුත් ඒකක මූලස්ථානයන්හිදී සිය කාර්යභාරයන් පිළිබඳ සවිස්තරාත්මකව දැනුවත් කෙරිණි. පසුව, හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී භටපිරිස් සමඟ සුහද අදහස් හුවමාරුවක ද නිරතවූයේය.