12th October 2023 19:42:48 Hours
සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ. සෙනෙවිරත්න යූඑස්පී පීඑස්පී ගේ උපදෙස් මත 2023 ඔක්තෝබර් මස 08 දින තුල්ලිකුඩිඉරිප්පු ශාන්ත මරියා වොලිබෝල් ක්‍රීඩාංගණයේදී වොලිබෝල් තරඟාවලියක් පැවැත්විණි.
543 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එන්.සී. සේරසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 543 පාබල බලසේනාවේ භටපිරිස් විසින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.
11 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 4 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් මෙම තරඟාවලියේ සංවිධාන කටයුතු වෙනුවෙන් සිය දායකත්වය දැක්වූහ. මෙම තරඟාවලිය සඳහා මන්නාරම ප්‍රදේශයේ සිවිල් ක්‍රීඩා සමාජ කණ්ඩායම් 13 ක් සහභාගී වූහ.
දේශීය ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රාහකත්වය සහ සහයෝගය මත මෙම තරඟාවලිය සාර්ථකව පැවැත්වීමට හැකියාව ලැබිණි.