07th August 2023 20:35:17 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 පාබල සේනාංකයට අයත් 542 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් මන්නාරම, විකුම්පුර ගම්මානයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 25 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් සහ එම පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් 12 දෙනෙකු වෙත පාසල් උපකරණ පිරිනැමීමේ වැඩසටහනක් විකුම්පුර ග්‍රාම නිලධාරී කාර්යාලයේදී පසුගිය ඉරිදා (අගෝස්තු මස 06) දින පවත්වනු ලැබීය.
542 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් පරිත්‍යාගශීලී සාගරිකා ප්‍රනාන්දු මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයින්ගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත සෑම ප්‍රතිලාභියෙකු සඳහාම රුපියල් 6000.00 ක් වටිනා වියළි ආහාර සලාක පාර්සලයක් සහ සෑම පාසල් සිසුවෙකු සඳහාම රුපියල් 2000.00 ක් වටිනා පාසල් උපකරණ බෙදාදෙන ලදී.
වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 542 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටී.එල්.එම්. චන්ද්‍රසේකර සහ පරිත්‍යාගශීලීන්ගේ පවුලේ සාමාජිකයින් සහභාගී විය.
54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.