10th May 2023 16:57:06 Hours
වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් 54 පාබල සේනාංකයට අයත් 541 පාබල බලසේනාවේ භටපිරිස් මන්නාරම, කල්ලඩි ප්‍රදේශයේ යුද්ධ හමුදා කඳවුර ආසන්නයේදී බත් දන්සැලක් සංවිධානය කරන ලදී.
එම ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශවල වැසියන් 1000 කට අධික පිරිසක් මෙම දන්සැල සඳහා සහභාගී වූහ. මෙම දන්සැලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස 54 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී එන්ඩීයූ පීඑස්සී, 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 541 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.එස්. ගමගේ ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී වූහ.
54 පාබල සේනාංක මූලස්ථානයේ සහ 541 පාබල බලසේනාවේ ත්‍යාගශීලී භටපිරිස් මෙන්ම ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර පිරිනැමූහ.