16th December 2023 22:42:15 Hours
සර්පයන් හැසිරවීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 541 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා කඳවුරු පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින පැවැත්වූ අතර, ඒ සඳහා නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයින් 120 දෙනෙකු සහභාගී වූහ.
541 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බී.වයි.සී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ ආරාධනයෙන් කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ යුද පුහුණු පාසලේ නිලධාරීන් සහ සෙසු නිලයින් කණ්ඩායමක් විසින් න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙන ලදී.