17th September 2024 12:12:49 Hours
541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 2024 සැප්තැම්බර් මස 09 දින මන්/කල්ලිඅඩි රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් වෙත පොත් ප්රදානය කිරීමේ වැඩසටහනක් සහ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. 541 පාබල බලසේනාවේ 14 වන සංවත්සර දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා රඹුක්කන ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.ටී.ඩී.කේ. රත්නායක මහත්මිය විසින් සිය මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී. මෙම වැඩසටහන සඳහා නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පති, ගුරු භවතුන් සහ දෙමාපියන් පිරිසක් ද සහභාගී වූහ.