Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th February 2024 18:49:56 Hours

541 පාබල බලසේනාවේ භටපිරිස් කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ සංග්‍රාමික පුහුණු පාසල සමඟ එක්ව පාසල් පොත් පරිත්‍යාග කරයි

541 පාබල බලසේනාවේ භටපිරිස් කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ සංග්‍රාමික පුහුණු පාසල සමඟ එක්ව ඊච්චලවක රජයේ දමිළ මිශ්‍ර පාසලේ සහ පෙරියමඩු මහා විද්‍යාලයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත පාසල් සිසු සිසුවියන් 253 දෙනෙකු වෙත පාසල් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 පෙබරවාරි මස 07 දින පෙරියම්ඩු මහා විද්‍යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

රතු කුරුස සංවිධානයේ වවුනියාව ශාඛාවේ සභාපති ඇන්ටන් ප්‍රණිදනායගම් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම පුණ්‍ය වැඩසටහන සඳහා සිය මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

මෙම අවස්ථාව සඳහා 541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි යූඑස්පී, කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ සංග්‍රාමික පුහුණු පාසලේ සේනාවිධායක, නිලධාරීන් සහ සෙසුනිලයන්, රතු කුරුස සංවිධානයේ වවුනියාව ශාඛාවේ සාමාජිකයන්, විදුහල්පතිවරුන් සහ සිසු සිසුවියන් පිරිසක් ද සහභාගී වූහ.