16th January 2025 10:53:48 Hours
54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී රාජපක්‍ෂ ආර්එස්පී ගේ උපදෙස් මත, ‘රණවිරු අභිනන්දන පූජා 2025’ සමාරම්භක වැඩසටහන 2025 ජනවාරි මස 10 දින මන්නාරම, තල්ලඩි හිදී පැවැත්විණි. මෙම වැඩසටහන මගින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ දරුවන් 250 දෙනෙකු වෙනුවෙන් රුපියල් 5,000.00 බැගින් වටිනා පොත් සහ පාසල් බෑග් බෙදා දෙන ලදී.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරින්, ‘අතහිත’ 2025 ව්‍යාපෘතියේ සභාපති ප්‍රසාද් ලොකුබාලසූරිය ඇතුළු සමන් ගුණරත්න සහ සමන්තා විජේවර්ධන යන මහත්ම මහත්මින් මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දැක්වූහ.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් සහභාගි වූහ.