Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th February 2024 17:30:18 Hours

54 පාබල සේනාංකයේ භටපිරිස් සඳහා ‘සමාජ මාධ්‍ය භාවිතය’ පිළිබඳ දේශනයක්

54 පාබල සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත පාබල බලසේනා සහ ඒකකයන්හි භටපිරිස් සඳහා ‘සමාජ මාධ්‍ය භාවිතය සහ ඔට්ටු ඇල්ලීමේ යෙදුම් භාවිතා කිරීමේ බලපෑම’ යන මැයෙන් දේශනයක් පසුගිය බදාදා (ජනවාරි මස 31) දින එම සේනාංක පරිශ්‍රයේ දී පැවැත්වීය. 54 පාබල සේනාංකයේ සංඥා බලඝණයේ නිලධාරී අණදෙන කපිතන් ඩී.ජී.ඩී.ඒ.යූ දඹගොල්ල විසින් පවත්වන ලද මෙම දේශනය සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් 150 දෙනෙකු සහභාගී වූහ.

එහිදී ප්‍රශ්නෝත්තර සැසියක්ද පැවැත්වීය. 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.බී.එස් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත මෙම දේශනය පවත්වන ලදී.