24th May 2025 11:09:42 Hours
21, 54, 56 සහ 59 පාබල සේනාංක යටතේ ස්ථාපිත බලඇණිවල භටපිරිස් සඳහා 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc ගේ මඟපෙන්වීම යටතේ 2025 මැයි මස 20 දින සිට 22 දින දක්වා දින තුනක ඡායාරූපකරණය පිළිබදව වැඩමුළුවක් සාර්ථකව පවත්වන ලදී.
'රූප චාරිකා' සංගමයේ ප්‍රියන්ත අබේසුන්දර මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් පවත්වන ලද මෙම වැඩමුළුවේ අරමුණ වූයේ යුද්ධ හමුදා නිලධාරීන් අතර නිර්මාණශීලිත්වය, ස්වයං ප්‍රකාශනය සහ ඡායාරූපකරණ කුසලතා වැඩි දියුණු කිරීමය.
වැඩසටහන අවසානයේදී අබේසුන්දර මහතා සහ උපදේශක මණ්ඩල සාමාජිකයින්ගේ දායකත්වය අගයමින් සමරු තිළිණයක් පිරිනමන ලද අතර, පුහුණුව සාර්ථකව නිම කළ සියලු සාමාජිකයන් සඳහා සහතිකපත් ද ප්‍රදානය කරන ලදී.